සිය ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කිරීමට දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම ආදායම රු. මිලියන 1,958,088ක් බවයි.
මෙය 2023 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 392,229ක වැඩි වීමක් වන අතර එහි වර්ධන වේගය සියයට 25.1ක් බවද එම නිවේදනයේ දැක්වේ.