පුවත්

ආදුරුප්පුවීදියේ වෙඩි තැබීමට සම්බන්ධ 2කට සිර මැදිරියේදී වසදීලා !

Published

on

ආදුරුප්පු වීදිය පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකුට ආගන්තුක පුද්ගලයකු යම් උග්‍ර වස වර්ගයක් මිශ්‍රකර ලබා දුන් කිරි පැකට් පානය කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගතකර ගත කළ බව ආදුරුප්පු වීදිය පොලිසිය කියයි.

එලෙස රෝගී වූ එක් පුද්ගලයකු ඉකුත් මස 24 වෙනිදින රාත්‍රී ආදුරුප්පු වීදිය ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පලා ගිය සැකකරු බවත් අනෙක් සැකකරු ඔත්තු බැලූ අයකු බවද පොලිසිය කියයි.

මෙම සැකකරුවන් දෙදෙනා ඇතුළු තවත් සැකකරුවන් කීපදෙනකු පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී අද දහවල් 12.30 ට පැමිණි පුද්ගලයකු කිරි පැකට් දෙකක් ඔවුන් දෙදෙනා වෙත ලබා දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මද වේලාවකදී එක් සැකකරුවකු කිරි පැකට්ටුවක් පානය කිරීමත් සමගම සිරමැදිරිය තුළ එකවරම සිහිසුන්ව ඇද වැටී ඇති අතර සුළු වේලාවක් ගත වීමත් සමගම අනෙක් සැකකරුද ඒ අයුරින්ම සිරමැදිය තුළ ඇද වැටී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Trending

Exit mobile version