ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද (23) වැඩි ඡන්ද 68 කින් සම්මත විය.
වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 76 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 08 ක් පමණි.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ නොසිටියහ.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට ඡන්ද විමසීමක් අවශ්‍ය බව පැවසූහ.
ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ දවස පුරා විවාද කෙරිණ.