Connect with us

පුවත්

ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු ලංකාවට

Published

on

ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු ඇතුළු 300 කට අධික පිරිසක් අද(17) මෙරට පැමිණීමට නියමිතව තිබේ. 

ඒ, ලබන 20 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා- පැසිෆික් කළාපීය සමුළුවට සහභාගිවීම සඳහා ය.

ඊට අමතරව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද හෙට දිනයේ මෙරටට පැමිණීමට නියමිත අතර මහජන චීනය, මැලේසියාව, ජපානය, පකිස්ථානය, බංග්ලාදේශය ආදි රටවල්  රැසක කෘෂිකර්ම අමාත්‍යවරුද මෙම සමුළුවට සහභාගි වීමට නියමිත බවට දැනුම්දී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට සඳහන් කළේ ය. 

මෙම සමුළුවේ සමාරම්භක සැසිවාරය ලබන 20 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රටවල් රැසක අමාත්‍යවරු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ ය.

පුවත්

සාකච්ඡා අසාර්ථකයි. වර්ජනය තවදුරටත්

Published

on

By

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිතිය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග මහතා අතර අද (18) පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව එම කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පවසයි.

ප්‍රතිපාදන සභාවේ සභාපතිවරයා ලිඛිත විසඳුමක් ඒ සඳහා ලබාදීමට ඉල්ලා සිටියද මේ වන විට බලධාරීන් එවැනි විසඳුම් කෙරෙහි තමන්ට තිබූ විශ්වාසය පලුදු කර ඇති හෙයින් එවැන්නකට එකඟ නොවූ බව ඒ මහතා පැවසීය.

ඒ හේතුවෙන් දැනට දින 47ක් ගත වී ඇති තම වෘත්තීය ක්‍රියාමාර්ගය නිත්‍ය විසඳුමක් ලැබෙන තුරුම අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළ බවද සභාපතිවරයා විසින් පවසන ලදී.

මේ අතර ඇතැම් විශ්වවිද්‍යාලවල විභාග කටයුතු පැවැත්වෙන බවත් එලෙස කරන පිරිස් තම වෘත්තීය සමිති මෙහෙවන ශිෂ්ඨ සම්පන්න  ක්‍රියාවලියට බාධා කරන්නන් ලෙස හැඳින්විය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

සබැඳි පුවත්:

අනධ්‍යයන සේවකයින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර සාකච්ඡාවක්

Continue Reading

පුවත්

“මගේ ප්‍රජා අයිතිය ගැන දැන් සජබෙන් කතාවක් නැහැ”

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා, හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් සංවිධානය කර තිබුණු රැස්වීමකට සහභාගී වීමේ පුවතක් ‘ඩේලිමිරර්’ පුවත්පත ඊයේ (17) වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත කළ විමසීමක දී රංජන් රාමනායක මහතා පවසා ඇත්තේ, තමන් ඊට සහභාගී වූයේ ගායකයෙකු ලෙස බවයි.

තමන් වෘත්තීය ගායකයෙකු බව පවසා ඇති රංජන් රාමනායක මහතා, ඒ අනුව, ඕනෑම දේශපාලන පක්ෂයක් තමන්ට ගායකයෙකු ලෙස ආරාධනා කළහොත් තමන් ඒ ආරාධනය භාරගන්නා බවද සඳහන් කර තිබේ.

ඔහු මෙහිදී පවසා ඇත්තේ, අධිකරණය මගින් ප්‍රජා අයිතිවාසිකම් අහිමි කර තිබීම හේතුවෙන් දේශපාලනයේ නිරත වීමට අවකාශ නැති බවත්, තමාට වර්තමානයේ කළ හැක්කේ ගායනය සහ රංගනය පමණක් බවය.

තමන්ට යළි ප්‍රජා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරන බව පැවසූ සමගි ජන බලවේගයද දැන් ඒ පිළිබදව අමතක කර දමා ඇතැයිද රන්ජන් රාමානයක ඩේලි මිරර් පුවත්පත සමග පවසා ඇත.

Continue Reading

පුවත්

ජපානයේ “මස් කන” බැක්ටීරියාවක් පැතිරයයි

Published

on

By

මාංශ පේශි විනාශ කරන බැක්ටීරියාවක් මේ වන විට ජපානයේ ශීඝ්‍රයෙන් පැතිරයන බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

මෙම “මස් කන” බැක්ටීරියාව හේතුවෙන් මේ වනවිට විශාල පිරිසක් මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි.

නමුත් මෙම රෝගී තත්ත්වය පැතිර යන හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අංශ වික්ෂිප්ත වී සිටියි.

2024 ජනවාරි සිට ජූනි මාසය ආරම්භ වනවිට එවැනි රෝගීන් 2,977ක් වාර්තා වී ඇති අතර ඉන් 77 දෙනෙක් මියගොස් තිබේ.

පසුගිය වසරේදී ද එවැනි රෝගීන් 941ක් වාර්තා විය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved