Connect with us

පුවත්

ඇඟලුම් සේවිකාවකගේ ඝාතනයට පරිගණක ඉංජිනේරුවා අත්අඩංගුවට

Published

on

ඇඟලුම් සේවිකාවකගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා වන පරිගණක ඉංජිනේරුවරයා විජේරාම රබර් වත්ත පළවෙනි පටුමගේ කාමරයකම සැඟවී සිටියදී ඊයේ (05) අලුයම සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසයි.

ඝාතනයට ලක්ව තිබුනේ එල්බොඩ කටුපිටිය, පබේගම ජන උදාන ගම්මාන පදිංචිව සිටි සදාසිවම් නිරංජලා 25 නමැති කාන්තාවයි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ මළ සිරුර උඩුපුස්සැල්ලාව, සොගමාවත්ත, ඩි සි 4 කොටස ලඳු කැළෑවක තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.

ලණුවක් වැනි දෙයකින් ගෙල සිර කිරීමෙන් මෙම මරණය සිදුව ඇති බවට බැලූ බැල්මට දක්නට ලැබුණ බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම කාන්තාව සමඟ මීට වසරකට පමණ ඉහතදී විවාහ වී ඇති අතර දෙනාම කළුබෝවිල ප්‍රදේශයේ කාමරයක කල් ගෙවා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම අඹු සැමි යුවළ කොළඹ සිට පුස්සැල්ලාව තෙක් පැමිණ ඇති අතර සැකකාර පරිගණක ඉංජිනේරුවරයා කාන්තාවගෙන් දික්කසාදය සඳහා කැමති වන ලෙස ඉල්ලා පුස්සැල්ලෑව නගරයේ දී දෙදෙනා අතර බහින් බස් වීමක් සිදු වී ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව සැකකරු කොළඹ පැමිණි බවත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved