Connect with us

පුවත්

සබ්‍රි – ජයශංකර්ව හමුවෙයි!

Published

on

ඉන්දු – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් සිදුව තිබේ.

විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ඉන්දියාවේ පැවැත්වෙන සමුළුවක් සඳහා සහභාගී වීමට ගොස් සිටින අතරතුර මෙම හමුව සිදුව ඇති බව වාර්තා වේ.

මෙහිදී දෙරට අතර ආයෝජන, වෙළෙඳ හා සංවර්ධන හවුල්කාරීත්වය පිළිබඳ සාකච්ඡා වූ බව ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සඳහන් කර තිබේ.

මේ අතර, ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බව ට්විටර් සටහනක් තබමින් අලි සබ්රි අමාත්‍යවරයා පවසයි.

දෙරටේ සබඳතාවල වත්මන් තත්ත්වය ද එහිදී සමාලෝචනයට ලක්කළ බව ඔහු සඳහන් කර ඇත.

පුවත්

ඩොනල්ඩ් ලූ අද දිවයිනට

Published

on

By

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද (13) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින හවුල්කාරිත්වය වර්ධනය කිරීම සඳහා දේශපාලන නායකයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇතිබව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය සතියේ ප්‍රකාශ කළේ ඔහුගේ ශ්‍රී ලංකා චාරිකාවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා එක්සත් ජනපදයේ සහය මෙන්ම නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදීභාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම යළිත් තහවුරු කරන බවයි.

Continue Reading

පුවත්

විරෝධතාවකට තහනම් නියෝගයක්

Published

on

By

අද (13) දින පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් තහනම් කරමින් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඒකාබද්ධව මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබේ.

අදාළ විරෝධතාවයේ දී උද්ඝෝෂකයින් විසින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් හා වීථී නාට්‍ය රඟදක්වමින් විරෝධතාවය පැවැත්වීමට නියමිත බවට මිරිහාන මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත ඔහු විසින් කළ ඉල්ලීමක් අනුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී ඇත.

ඒ අනුව පහත සඳහන් වගඋත්තරකරුවන් ඇතුළු තැනැත්තන්ට මෙම නියෝගය අධිකරණය විසින් නිකුත් කළ බව පොලීසිය දැනුම්දෙයි.

1. ඉසුර ඉඳුවර, මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

2. හර්ෂ නිපුන්, මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

3. උදාර රණසිංහ, මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, නාවල විවෘත විශ්වවිද්‍යාලය

4.බුවනෙක දීපාල්, මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්, නාවල විවෘත විශ්වවිද්‍යාලය

5. ධම්මික එස්. ප්‍රියන්ත, මංගල දාබරේරා, සම සභාපති විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව

6. දයාරත්න, සම සභාපති, අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

7. ප්‍රේමරත්න, සම සභාපති, අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, නාවල විවෘත විශ්වවිද්‍යාලය

අද දින සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුලා විද්‍යාල, ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය, සමුද්‍ර දේවී බාලිකා විද්‍යාල, ශාන්ත ජෝන් පිරිමි විද්‍යාලය, සුජාතා බාලිකා විද්‍යාලය යන විද්‍යාලවල විභාග මධ්‍යස්ථාන ලෙස ද අනුලා විද්‍යාලය විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස ද ප්‍රධාන මාර්ගය ආසන්නයේ පවත්වාගෙන යනු ලබන හෙයින් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කරුණු සලකා බලා මෙම විරෝධතා පා ගමන තහනම් කරමින් ආඥාව නිකුත් කරන ලදී.

Continue Reading

පුවත්

ඇමරිකාව එරෙහි වෙද්දී ශ්‍රි ලංකාවේ ඡන්දය පලස්තීනයට

Published

on

By

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකත්වය ලබා දීම වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ද ඡන්දය ප්‍රකාශ කර තිබේ.

පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයෙක් වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බවට හා එහි පූර්ණ කාලීන සාමාජිකත්වය ලබා දීම වෙනුවෙන් ධනාත්මකව සිතන ලෙස නිර්දේශ ඉදිරිපත් කරන ලෙස මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර ඊට පක්ෂව ඡන්දය දුන් රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 77 ක සම අනුග්‍රහය යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත් ඉදිරිපත් වූ මෙම යෝජනාව සම්මත වූයේ වැඩි ඡන්ද 134 කිනි.

යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ඇතුළු සාමාජිකයින් 143 ක් ඡන්දය ප්‍රකාශ කල අතර විපක්ෂව 9 ක් ඡන්දය ප්‍රකාශ කලහ. එමෙන්ම තවත් සාමාජිකයෝ 25 ක් ඡන්දය ප්‍රකාශයෙන් වැළකී සිටියහ.

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකත්වය ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට මෙම යෝජනාව ඉදිරිපත් වූයේ පසුගිය මාසයේ දීය.

යෝජනාව ඉදිරිපත් වෙත්ම ඇමරිකාව තම නිශේෂ බලය යොදමින් එය පරාජය කල අතර මෙවර ද යෝජනාව වෙනුවෙන් විපක්ෂව ඡන්දය භාවිතා කල රටවල් අතර ඇමරිකාව හා ඊශ්‍රයාලය ද වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකත්වය ලබා දීමේ තීරණය ගැනීමේ බලය ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සතුවය.

පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් මෙම යෝජනාව ඉදිරිපත් වීම සිදුවිය. නමුත් ඇමරිකාව එහිදී ද තම ඡන්දය භාවිතා කලේ විපක්ෂව ය.

යෝජනාව සම්මත වූ නමුත් පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකත්වය හිමිවීමක් සිදු නොවීය. නමුත් පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයෙක් වීමට අවශ්‍ය සුදුසුකම් ඇතිබව හඳුනා ගැනීම හඳුනා ගැනීම සිදුවිය.

එම තත්ත්වය යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුල වැඩි සහභාගීත්වයකට හා වැඩි අයිතිවාසිකම් වලට පලස්තීනය හිමිකම් කියන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved