පුවත්

ඇමති රොෂාන් ක්‍රීඩා සංගම් ලොක්කෝ පුටුවලින් බිමට දායි!

Published

on

ක්‍රීඩා සංගම් ගණනාවක මේ වන විටත් ප්‍රධාන පුටු වල සිටින බොහෝ දෙනෙකුට එළඹෙන වසරේ ක්‍රීඩා සංගම් වල නිලවරණ වලට ඉදිරිපත් වීමට නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඒ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කරන ලද නව ගැසට් පත්‍රය නිසාය.

ඒ අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ දැනට ප්‍රධාන නිලතල දරණ බොහෝ දෙනෙකුට මීළඟ නිලවරණයට ඉදිරිපත් විය නොහැකි බවත් මලල ක්‍රීඩා, වූෂු හා පාපන්දු සංගම් වලද තත්ත්වය එසේම බවත් වාර්තා වේ.

පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති ජැස්වර් උමාර් මහතා මීළඟ නිලවරණය සඳහා නැවත ඉදිරිපත්වන බව පවසා ඇතත් නව ගැසට් පත්‍රයේ 5 (4) ය වගන්තිය යටතේ ඔහුටද යළි තනතුරක් දැරිය නොහැකි වීම විශේෂත්වයකි.

 ජැස්වර් මහතා ක්‍රීඩාවේ දූෂණ මැඬලීම සඳහා පත් කරන ලද කමිටුවේ නිර්දේශයක් මගින් අයථා ක්‍රියා හේතුවෙන්  නිලවරණයකට ඉදිරිපත් වීමට නුසුදුස්සකු ලෙස නම් කර තිබේ.

අවුරුදු 70 ට වැඩි අයට ඉදිරිපත් විය නොහැකි යන නියෝගය අනුව මලල ක්‍රීඩා සංගමයේ වත්මන් සභාපති හා ලේකම්ටත් ක්‍රිකට් ආයතනයේ වත්මන් උප සභාපති වරුන් දෙදෙනාටත් තව දුරටත් නිලතල දැරිය නොහැකි වනු ඇත.

මීට පෙර හරින් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා ඇමති ධූරය දැරූ කාලයේ පාර්ලිමේන්තුවට ගෙන ආ විශේෂ පණතක් මගින් සූදු හා බුකි ව්‍යාපාරවල නිරත වන්නන් හා ඔවුන්ගේ පවුල් වල අයටත් කිසිදු ක්‍රීඩා සංගමයක නිලතල දැරීම තහනම් කරන ලදී.
සබැඳි පුවත්
ක්‍රීඩා ඇමතිගේ ගැසැට්ටුවෙන් ක්‍රීඩා සංගම් කණපිට පෙරළෙයි!

Trending

Exit mobile version