ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ අමාත්‍ය අනු කමිටුවෙන් ඉල්ලා අස්වූ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉවත්ව ඇතැයි වාර්තා වේ.
කැබිනට් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඉන් ඉවත්වීමට හේතු ලෙස ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව සඳහන් ඇති බවද පැවසේ.
නිවැරදි තීරණයකට එළඹීමට හැකිවන පරිදි අදාළ සියලු කරුණු කමිටුවට හෙළි කිරීමට නිලධාරීන් දක්වන මැළිකම සහ රැස්වීම් පිළිබඳ නිසි ආකාරයෙන් තමන් දැනුවත් නොකිරීම එසේ ඔහු විසින් දක්වා ඇති කරුණුය.
ගල් අඟුරු නැව් තුනක් සල්ලි නැතුව වේලෙයි!
මේ අතර ලංකා ගල් අගුරු සමාගම පවසන්නේ, මෙරටට ළඟා වූ ගල් අඟුරු නෞකා 3ක් සඳහා ගෙවීමට අවශ්‍ය මුදල් මෙතෙක් ලැබී නොමැති බවයි.
එම නෞකා පුත්තලම ජැටිය ආශ්‍රිතව මේවනවිට නැංගුරම් ලා ඇති බව එහි සභාපති ශෙහාන් සුමනසේකර මහතා කියා සිටී.
එම ගල් අඟුරු නෞකා සඳහා ගෙවීමට රුපියල් බිලියන 12.5ක පමණ මුදලක් අවශ්‍ය බවද වාර්තා වේ.