වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම මත සිදුකිරීමට නියමිත බදු සංශෝධන මොනවාද යන්න කඩිනමින් ඉදිරිපත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
අදින් ආරම්භ වන සතිය තුළ මෙම බදු සංශෝධන සම්බන්ධයෙන් ආණ්ඩුව පියවරක් නොගන්නේ නම් වෘත්තීයවේදීන්ගේ එකමුතුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එහි මාධ්‍ය ප්‍රකාශක දොස්තර චමිල් විජේසිංහ මහතා කියා සිටී.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ වෘත්තීයවේදීන් අපේක්ෂා කරන බදු සංශෝධන සම්බන්ධයෙන් මේවනවිටත් අදාළ බලධාරීන්ව ලිඛිතව දැනුවත් කර ඇති බවයි.