පුවත්

ඉන්දියාවෙන් නීති විරෝධීව ගෙන්වූ කෘෂි රසායන තොගයක් STF එක අල්ලයි

Published

on

ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් ගෙන්වූ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස ඊයේ (04) යාපනය වේලනෙයි, තුරේයුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

නීතිවිරෝධීව කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ගෙන්වූ බවට යුධ හමුදා බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අදාළ වැටලීම සිදුකර තිබේ.

පොලීසිය පැවසුවේ එහිදී නිලධාරීන් භාරයට ගත් කෘමි නාශක ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය තොගය රුපියල් මිලියන 50කට ආසන්න බවය.

සැකකරුවන් හා කෘෂි රසායන ද්‍රව්‍ය තොගය යාපනය කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය හා යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Trending

Exit mobile version