පුවත්

ඉන්දියාවෙන් ලුණු එනවා ඒ නිසා හිග නෑ – ලුණු සමාගමේ සභාපති

Published

on

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 30,000න් 20,000ක පළමු තොගය ලැබීමෙන් පසු ලබන 19 වැනිදා වන විට ඒවා වෙළෙඳපොළට නිකුත් කළ හැකි බැවින් හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ලුණු මිල දී ගත හැකි බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක මහතා “සිළුමිණට”අනාවරණ කර තිබේ.

ලංකා ලුණු සමාගම ඇණවුම් කළ තවත් මෙට්‍රික් ටොන් 10,000ක් ඉදිරියේදී ලැබීමට නියමිත බවත්, ලබන සතියේ සිට ලුණු පැකට් ලක්ෂ දෙක බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පවසා ඇත.

ඉකුත් 14 වැනිදා සිට ලංකා ලුණු සමාගම මඟින් මේස ලුණු ග්‍රෑම් 400 ප්‍රමාණයේ පැකට් දිනකට ලක්ෂය බැගින් ලංකා සතොසට නිකුත් කිරීමට පියවර ගත් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ඒ මහතා මීට පෙර පවසා තිබුණේ මේ වසරේදී ලුණු කැටයක් හෝ නිෂ්පාදනය කිරීමට නොහැකි වූ බවයි. 

ඒ පැවැති අයහපත් කාලගුණය නිසා බවද ඔහු පවසා තිබිණි.

සබැදි පුවත් :

Trending

Exit mobile version