පුවත්

ඉන්දියාව කියන ISIS අය නිසා පොලිසිය මෙරට සමාජ ජාලා පීරන්න මෙහෙයුමක

Published

on

අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ බවට ඉන්දියාවේ අහමදාබාද් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පිරිස විසින් හෙළි කළ තොරතුරුවලට අනුව මෙරට ක්‍රියාත්මක වන ඇතැම් සමාජ ජාලා කණ්ඩායම් සම්බන්ධයෙන් සොයා බැලීමට ආරක්ෂක අංශ තීරණය කර ඇතැයි “දේශය පුවත්පත” වාර්තා කර ඇත.

මේ අනුව වට්ස්ඇප් ගෲප්, ටෙල්ග්‍රෑම් ගෲප්, වයිබර්, මැසේන්ජර් ආදී සමාජ ජාලාවල සමූහ වශයෙන් ක්‍රියාත්මක වන කණ්ඩායම් සම්බන්ධයෙන් සොයා බැලීමට සැරසෙන බව එහි දැක්වේ.

විශේෂයෙන් අන්තවාදී ආගමික ප්‍රචාර සිදුකරමින් ඇතැම් කණ්ඩායම් සාමූහික වශයෙන් එක්රැස් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුවී ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසූ බවද එම පුවත්පත වැඩි දුරටත් වාර්තා කර ඇත.

කෙසේවුවද, පසුගිය 08 වැනිදා “දිනපතා අරුණ” පුවත්පත වාර්තා කර තිබුණේඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අයි.එස්.අයි.එස්. (ISIS) සංවිධානයට සම්බන්ධ බවට චෝදනා කළද මෙරට තුළ ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ, රාජ්‍ය ඔත්තු සේවාව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙතෙක් කළ විමර්ශනවලදී මෙම සිව්දෙනා මත්ද්‍රව්‍ය හා රත්රන් ඇතුළු නීති විරෝධී ජාවාරම්වලට හැරෙන්නට ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට හෙළි වී නොමැති බවයි.

පාස්කු ප්‍රහාරය එල්ල වූ මොහොතේ ඉන්දීය බුද්ධි අංශ ඇතුළු එරට ආරක්ෂක බලධාරින් ලංකාවට පැමිණ මාස ගණනක් විමර්ශන කළත් මෙවර එවැනි විමර්ශනයක් සඳහා තොරතුරු හුවමාරු කර ගැනීමටවත් කතා කර නොමැති බවද එහි දක්වා තිබිණි.

ඉන්දියානු මැතිවරණ කාලසීමාව තුළ මෙවැනි මාතෘකා ඉදිරිපත් කර දැඩි ප්‍රචාරයක් දෙන ප්‍රචාරක ව්‍යාපෘති මීට ඉහත වතාවත්වලදීත් සිදුව ඇති බව රජයේ ඉහළ නිලධාරියකු ‘අරුණ’ කළ විමසුමකදී පැවසූ බවද එම පුවත්පත වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී ක්‍රියාකරුවන් සිටින බවට කළ ප්‍රචාරයෙන් සංචාරක ව්‍යාපාරයට ද බලපෑමක් එල්ල වී ඇති බව අදාළ නිලධාරියා එහිදී පවාස තිබිණි.

සබැඳි පුවත්:

ඉන්දියාව ISIS යැයි කියා අල්ලා ඇත්තේ කුඩ්ඩෝ 4ක්; බොරු ප්‍රචාරයක් කළේ ඇයි?

ශ්‍රී ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුවට

ISIS බවට සැක ලාංකිකයින් මෙහෙයවූ බව කියන පුද්ගලයා CID අත්අඩංගුවට

Trending

Exit mobile version