Connect with us

පුවත්

ඉන්දීය බිත්තර බිස්නස් සරුකරගන්න ඇමති තවත් ටීම් එකක් රට යවයි

Published

on

ඉන්දියාවෙන් ආනයනය කෙරෙන බිත්තර සඳහා  අනුමැතිය ලබාදීමේ ප්‍රමාදය වළක්වා, දින එක හමාරක් තුළදී කඩිනමින් අනුමැතිය ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වෙළෙඳ අමාත්‍යාංශය අතර පැවැති සාකච්ඡාවකදී තීරණය කර ඇතැයි වාර්ති වේ.

එසේම, ඉන්දියාවෙන් බිත්තර සපයා ගතහැකි තවත් ගොවිපොළවල් පිළිබඳ සොයා බැලීම සඳහා  කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනකු ද ඇතුළු කණ්ඩායමක් එරටට යැවීමටද මෙහිදී තීරණය කර තිබේ.

ඉන්දියාවේ කුරුළු උණ රෝගය නොමැති ගොවිපොළවල් තුනකින් බිත්තර ආනයනය කෙරෙන බවත්, මෙරට අවශ්‍යතාවට එම බිත්තර තොගය ප්‍රමාණවත් නොවන නිසා කුරුළු උණ නොමැති තවත් ගොවිපොළවල් කීපයක් පිළිබඳ සොයා බැලීමට මෙම නිලධාරීන් ඉන්දියාවට යවන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා  කියා  සිටී.

මෙරටට බිත්තර සපයා ගන්නා  ඉන්දියාවේ ගොවිපොළවල ප්‍රමාණවත් පරිදි බිත්තර නොමැති බවද ඔහු පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව පැවසුවේය.

ඉන්දියාවෙන් දිනකට බිත්තර මිලියනය බැගින්වත් මාස තුනක කාලයකට ආනයනය කළහොත් මෙරට බිත්තර ගැටලුවට යම් විසඳුමක් ලැබෙන බවත්, එසේ වුවහොත් බිත්තර කර්මාන්තය වැඩිපුර සිදුකෙරෙන ප්‍රදේශ හැර රටේ අනෙකුත් ප්‍රදේශවල බේකරි කර්මාන්තකරුවන් සඳහා ද ආනයනික බිත්තර ලබාදීමට හැකි බවත් ඇමැතිවරයා  කීවේය.

කෙසේ නමුත්, තවත් මාස පහකට පමණ පසුව බිත්තරයක් දේශීය වෙළෙඳපොළේ රුපියල් 30 කට අලෙවි කළහැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙරට දෛනික බිත්තර පාරිභෝජනය බිත්තර මිලියන හතක් වුවද දෛනික බිත්තර නිෂ්පාදනය මිලියන පහක් පමණ වේ.

සබැඳි පුවත්

ඉන්දියාවෙන් තවත් බිත්තර මිලියනයක්; දැන් ඩොලර් වියදම ලක්ෂ 3 පනියි 

නලින් සුදු බිත්තරේ 44ට, දුඹුරු බිත්තරේ 46ට ගැසට් කරයි 

නලින් ඉන්දියාවෙන් මාසෙකට ඩොලර් ලක්ෂ 18ක බිත්තර ගේන්න යයි! 

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved