පුවත්

ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමේ තතු පිටවෙලා

Published

on

සමුද්‍රීය ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව ඇතුළු තොරතුරු හුවමාරු කරගැනීම ඇතුළු කාරණා රැසක් සම්බන්ධව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉකුත් මාසයේදී අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුමේ තොරතුරු economy next වෙබ් අඩවිය විසින් එළි දක්වා ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම ගිවිසුමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා සහ මෙරට ඉන්දියානු තානාපති සන්තුෂ් ජා විසින් අත්සන් කරන ලදි.

economy next වෙබ් අඩවිය දක්වා ඇති පරිදි මෙම ගිවිසුම පිටු 09 කින් යුතු අතර එය වගන්ති 12 කින් යුතුය.

ඉන්දියාව සමග අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුමේ ඇතුළත් කාරණා සම්බන්ධව මාධ්‍යවේදීන් පසුගිය දිනවල කැබිනට් මාධ්‍ය හමුවේදී රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් කරන ලද විමසීමේදී කියා සිටියේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ (RTI) අදාළ තොරතුරු ලබා ගත හැකි බවය.

Trending

Exit mobile version