ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය මෙලෙස අත්අඩංගුවට ගත් බව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය.
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒවා ගෙන්වූ සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති නමැත්තා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා එම අමාත්‍යාංශයේදී අද(20) සිය ධුරයේ වැඩ භාරගත්තේය. වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු මෙන්ම අමාත්‍යංශ අතිරේක ලේකම්වරයෙකු ලෙස ද මීට පෙර කටයුතු කර තිබුණි.