පුවත්

ඉහළ පෙළේ චීන නිලධාරිනියක් හා අගමැතිනිය අතර හමුවක්

Published

on


චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි, චින් බෝයොං (Qin Boyong) මහත්මිය ඊයේ (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

චින් මහත්මිය ඇතුළු දූත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරිය දෙරට අතර දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කරමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. රෝග පාලනය, තිරසාර සංවර්ධනය සහ බහුවිධ ක්ෂේත්‍රයන්හි වෙළඳ සහ කාර්මික සම්බන්ධතාවන් ශක්තිමත් කිරීම පිළිබඳ මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණ.

මෙම අවස්ථාවට මෙරට සිටින චීන තානාපති චී ජන්හොං මහතා මෙන්ම තානාපති කාර්යාලයේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ හා විදේශ කටයුතු කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්විය.

Trending

Exit mobile version