පුවත්

උඩදියලුම වනඅලි ප්‍රහාරයෙන් මියගිය තරුණියගේ පෙම්වතා රිමාන්ඩ්

Published

on

පසුගිය මස 11දා කොස්ලන්ද දියලුම දිය ඇල්ලේ උඩදියලුම ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකින් තරුණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ පෙම්වතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුව ජුනි 15දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අනතුර වන විට මෙම යුවළ මෙම ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටි අතර, රාත්‍රියේ එල්ලවූ වනඅලි ප්‍රහාරයකින් එම තරුණිය ජීවිතක්ෂයට පත්විය. සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයා ද රෝහල්ගතකර තිබුණි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතා ලබාදුන් ප්‍රකාශ එකිනෙකට පරස්පර වීම හේතුවෙන් කොස්ලන්ද පොලිසිය විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණු අතර, වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි.

Trending

Exit mobile version