පුවත්

උඩරට දුම්රිය ධාවනයට යළිත් බාධා

Published

on

උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ හා දියතලාව දූම්රිය ස්ථානය අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට අද (20) රාත්‍රි 7.00 ට පමණ විශාල ගල් පර්වතයක් පෙරලීම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල බලාධාවනය වු සීඝ්‍රගාමී දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේත්, බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේත් මේ වනවිට නවතා ඇතැයි පාලක මැදිරිය සඳහන් කරයි.

දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවකයින් හා යුධ හමුදා නිලධාරීන් මේ වනවිට එම ස්ථානය දක්වා පිටත් කොට යවා ඇති බවත්, මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ප්‍රමාද විය හැකි බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් කියයි.

Trending

Exit mobile version