පුවත්

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

Published

on

ලොවපුරා සියලු බෞද්ධයන් මහත් භක්තියෙන් වන්දනා මාන සිදුකරන වසරක අවසානය සනිටුහන් කරන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (14) යෙදී තිබේ.

මෙරට බෞද්ධයන්ට ද ශාසනික වශයෙන් උඳුවප් පොහොය ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ.

සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින 07ක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් ද රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහොය දිනකය.

සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග තවත් භික්ෂූණීන් 11 නමක් එදින ලංකාවට වැඩම කළ අතර මෙරට මෙහෙණි සස්න පිහිටුවීම ද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයේ දී සිදුව තිබේ.

උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත් සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද සිරිපා වන්දනා සමය ආරම්භ වීමය.

ඒ අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවල පුරාණ ශ්‍රී පාද විහාරස්ථානයේ සිට සාධාතුක කරඩුව, සමන්දේව ප්‍රථිමාව සහ දේව ආභරණ ශ්‍රී පාද මළුව වෙත වැඩම කරවීම අද අළුයම සිදුවුවිය.

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයට සමගඟාමීව පැවැත්වෙන එෆ්. එම්. දෙරණ  පෝදා අසපුව වැඩසටහනේ 120 වැනි සජීවී විකාශය ගාල්ල කුරුඳුවත්ත බෝධිමළු විහාරස්ථානයේ සිට අද දවස පුරා පැවැත්වීමට ද නියමිතව තිබේ.

Trending

Exit mobile version