පුවත්

උපයනවිට බද්ද අතින් ගෙවන්න වෙයි

Published

on

උපයනවිට බද්ද රාජ්‍ය ආයතනවලින් ගෙවීම නතර කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය ලබන සතියේ දී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

උපයනවිට බද්ද ඒ ඒ පුද්ගලයන් ගෙවිය යුතු වන අතර ඇතැම් අර්ධ රාජ්‍ය ආයතන,සංස්ථා එම බද්ද ආයතනය මගින් ගෙවීමට කටයුතු කරන වැරදි ක්‍රමවේදයක් තිබූ බව ද සියඹලාපිටිය මහතා කීය.

වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය මත එවැනි ක්‍රමවේද නතර කළ යුතු බව ද සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

(ලංකාදීප)

Trending

Exit mobile version