පුවත්

උ.පෙළ උපකාරක පංති 29න් පසු අවසන්

Published

on

2023 අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම ලබන 29දා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

අදාල නිවේදනයට අනුව එම තහනම කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියි.

මෙවර උසස් පෙළ විභාගය ලබන වස‍රේ (2024) ජනවාරි මස 04දා සිට 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබේ.

Trending

Exit mobile version