Connect with us

පුවත්

උ/පෙළ කල් දැමීමට යෝජනාවක්

Published

on

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාග කල්දැමීමේ යෝජනාවක් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරනු ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

ඇමතිවරයා මෙසේ පවසා ඇත්තේ ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි කවිරත්න නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“නොවැම්බර් 21 හෝ 27 උසස් පෙළ නොතියා පාසල් තෙවන වාරය ඔබතුමාට පුළුවන්නම් 2023.10.30 සිට 2023.12.22 කට සති 8කුත් 2024 .01.01 සිට 2024.01.19 සති තුනකුත් විදිහට අරගෙන පාසල් වාරය ඉවර කරන්න පුළුවන් වෙනවා. 1 වසරේ සිට 12 වසරේ ඉන්න දරුවන්ට. උසස් පෙළ විභාගය ජනවාරි 22 ආරම්භ කරොත් පෙබරවාරි 17 අවසන් කරන්න පුළුවන්. එතකොට පෙබරවාරි 19 සිට 2024 පළමු වාරය ආරම්භ කරන්න පුළුවන්. උසස් පෙළ ලබන ජනවාරි ලියන ළමයින්ගේ මාස තුනකින් දුන්නොත් මැයි ප්‍රතිඵල දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් ඊළඟ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ විභාගය තියන්න පුළුවන්. එහෙම වුණොත් 2025 ඉඳන් ඔය විභාග කාලසටහන යාවත්කාලීන කරන්න පුළුවන්,” යැයි කවිරත්න මන්ත්‍රීවරිය පවසා තිබුණි.

මෙම යෝජනාව විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමුකර ඇති බවත්, ඉදිරියේදී ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරනු ඇති බවත්, ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පුවත්

දින හතරක් බාර් වැසෙයි

Published

on

By

දින 04ක් සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන ලදී.

ඒ අනුව වෙසක් පසළොස්වක පොහෝය දිනය යෙදී ඇති මැයි 23 සිට 24 යන දෙදින දිවයින පුරා වසා මෙම අලෙවි සැල්  තැබෙනු ඇති.

එමෙන් ම රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන මාතලේ දිස්ත්‍රික්කයේ ඇති සියලුම බලපත්‍රලත් සුරාසැල් මැයි 21 හා 22 දිනවලත් වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Continue Reading

පුවත්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට?

Published

on

By

සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු ව්‍යවසායක් බවට පරිවර්තනය කිරීමේ දී එහි සේවකයින් 650 කට අධික පිරිසකගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බවට වාර්තා වේ.

දැනට සිටින සේවකයින්ගෙන් 200ක් පමණ රජය සතු නව ව්‍යවසාය සඳහා බඳවා ගැනීමට ද සැලසුම් කර ඇති බව සඳහන්ය.

ඉතිරි කම්කරුවන් සංචිතයකට යොමු කරන අතර එයින් රජය සතු නව ව්‍යවසාය තුළින් මෙහෙයුම් පවත්වාගෙන යාමට අවශ්‍ය පිරිස් තෝරා ගනු ඇත.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් වෙන්ව පොදු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මේ වන විට අනුමත කර තිබේ.

පිරිපහදුවේ පැරණි යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා පවතින ආයෝජන අවශ්‍යතාව මත මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අවම වශයෙන් තවත් වසර 25ක් සඳහා පිරිපහදුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ශක්‍යතාව තහවුරු කිරීම මෙහි ඉලක්කය වේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට රැගෙන යාමට සැලසුම් කර ඇති අතර ඉදිරි මෙහෙයුම් සඳහා නවීකරණය කරන ලද නවීන පහසුකම් සහිත තෙල් ටැංකි සංකීර්ණයක් පුළුල් කිරීම ඉදිරියේ දී සිදුකිරීමට අපේක්ෂිතය.

ක්‍රීඩා

ඩිලන්ත, GT4 යුරෝපියානු මෝටර් රථ තරගාවලියේ ඉසව්වකින් 2වැනි තැනට

Published

on

By

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ පැවැති GT4 යුරෝපියානු තරගාවලියේ ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මෙහි දෙවෙනි තරගයට සහභාගි වූ ඩිලන්තගේ මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා විනාඩි 15 කට තරගයෙන් ඉවත්ව සිටීමට සිදුවුණද යළි තරගයට එක්ව තරගය අවසන් කිරීමට ඩිලන්ත හා සහායක රියදුරුට හැකි විය.

මෙම තරගාවලියේ මීළඟ තරගය ජූනි 28 දා ස්පාහිදී පැවැත්වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved