කැබිනට් තීරණ

ඔන්ලයින් පනතේ වෙනස්කම් වෙනුවෙන් කමිටුවක්

Published

on

මර්දන පනතක් වන 2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සංශෝධනය කර පවත්වාගෙන යෑම උදෙසා කමිටුවක් පත් කිරීමට රජය තීන්දු කර තිබේ.

මීට පෙර 2025-02- 09 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සංශෝධනය පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි.

ඒ අනුව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමතිවරයා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමතිවරයා සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සටහන සැලකිල්ලට ගනිමින් දැනට හඳුනාගනු ලබන සංශෝන ඇතුළත් කරමින් එකී පනත සංශෝධනය කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිශ්චයකාරවරයෙකුගේ සභාපතිත්වය යටතේ අදාල අංශ නියෝජනය කරන කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල එකඟතාව ලැබී තිබේ.

මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත අහෝසි කිරීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ඉදිරිපත් කලේය.

Trending

Exit mobile version