ඉහළ බෝමිරිය ශ්‍රී සුමනාරාමාධිපති පල්ලේගම සුමන හිමියන් නවගමුව පොලිසිය මඟින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (08) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.
උන් වහන්සේගේ ක්‍රියාකාරකම් නිසා ප්‍රදේශවාසීන්ට සිදුවූ අගතිය මත ඉදිරිපත් වූ පැමිණිලි අනුව උන් වහන්සේ මෙසේ අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
පසුගිය මාසයේ උන් වහන්සේගේ පන්සල තුළ කාන්තාවන් දෙදෙනකු රැඳී සිටියේ යැයි චෝදනා කරමින් පන්සලට බලහත්කාරයෙන් ඇතුළු වී හිමි නමට සහ කාන්තාවන් දෙදෙනාට පහර දුන්නේ යැයි චෝදනාව මත ගම් වැසියන් අටදෙනකු රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිට පසුගියදා ඇප මත මුදාහැරිනි.
මෙහිදී ගම් වැසියන් විසින් හිමි නම ද අත්අඩංගුවට ගත යුතු යැයි බල කරමින් උද්ඝෝෂණයක ද නිරත විය.
සබැඳි පුවත්
සුමන හිමි හා කතුන්ට පහදුන් අටක් රිමාන්ඩ්
සුමන හිමිට හා කතුන්ට ගැහුව අටක් අත්අඩංගුවට ගනියි