පුවත්

කරුමය මාලිමාව ලෙස ද පැමිණිය හැකිය, මේක ජපකරන්න දෙන්න එපා – රෝහිත (වීඩියෝ) 

Published

on

බස් රථවල අනතුරුදායක කොටස් ඉවත් කිරීම සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නැතැයිද, කෙසේවුවද, ඇතැම්විට පොලිසිය බස් රථ නවත්වා බස් රථයේ හුඩ් රැක් එක තිබියදී එයට බඩුපැටවීමට යොදාගන්නා ඉනිමග ගලවන ලෙස උපදෙස් ලබාදෙන බවත්, එවැනි දේ ප්‍රයෝගික නැතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඡන්දයට පෙර ත්‍රීරෝද රථ 10ක් ගතහොත් ඉන් 8ක පිටුපස සටහන්ව තිබුණේ “මුළු රටම මාලිමාවට” ලෙස බවත්, මේවන විට එය “කරුමය මාලිමාව ලෙස ද පැමිණිය හැකිය” යනුවෙන් සටහන් වන බවත්, එසේ ජප කිරීමට ඉඩ නොතබන්නැයිද මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.

සියල්ලන් සතුටු කළ නොහැකි බවද කී හෙතමෙ, ක්ලීන් කිරීමට CTB බස්වලින් පටන්ගමු යැයිද කීය.

https://twitter.com/adaderanasin/status/1876918349495758904?s=46&t=wtqWbtxWmqqkUlH4HW14zQ

Trending

Exit mobile version