ගින්නක් හටගත් ආන්දෝලනාත්මක කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල රජයේ රස පරීක්ෂකවරයා විසින් අද (07) පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව තිබේ.
එහි 33 වන මහලේ ඊයේ (06) පස්වරුවේ මෙම ගින්න හටගත් අතර එය මැඩ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 8ක් සහ ගිනි නිවීමේ භටයින් තිස් දෙදෙනෙකු කැදවීමට සිදුවිය.
පොලිසිය කියා සිටියේ, ගොඩනැගිල්ලේ තිබූ ලී පුවරු කිහිපයකට ගිනි ඇවිලි තිබූ අතර ගින්න හටගත් ආකාරය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවය.
(පෙර පුවත: 2025 පෙබරවාරි 06, ප.ව.09:29)
ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්
කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ.
ගොඩනැගිල්ලේ මහල් 6ක ගින්න පැතිරී ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ ඒකක දැඩි උත්හාසයක් ගනිමින් සිටී.
වැඩිදුරටත් වාර්තා වුණේ එම ගොඩනැගිල්ලේ 35 වන මහලෙන් ගින්න ආරම්භවී ඇති බවය.