පුවත්

කාන්තාවක් පොලිස් සිරමැදිරියේදී සියදිවි හානිකර ගනී

Published

on

මරදාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙනසිටි කාන්තාවක් අද (22) අළුයම  සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.

වයස අවුරුදු 32ක් වූ මෙම කාන්තාව මරදාන පොලීසිය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය අද අළුයම 4.ට පමණ පොලිස් සිරමැදිරිය තුළදීම ගෙලවැළලාගෙන සියදිවි හානිකරගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

Trending

Exit mobile version