Connect with us

පුවත්

කැබිතිගොල්ලෑවේ දී පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා මරුට : 4ක් අත්අඩංගුවට

Published

on

කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේදී ගම්වාසීන්ගේ පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා මිය ගොස් තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 04 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි වාරියපොල පදිංචි පොලිස් සැරයන්වරයෙකි.

ඊයේ (31) පස්වරුවේ වන අලියෙකු පහරදීමෙන් එම ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය ගියේ ය.

ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නිරත වන බවට ලද තොරතුරක් අනුව කැබිතිගෝලෑව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ තවත් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබේ.

පොලිසිය පැවසුවේ, එම අවස්ථාවේදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුට කුපිත වූ ප්‍රදේශවාසින් මුඟුරකින් පහර දී ඇති බවයි.

එහිදී ඇති වූ තත්ත්වය පාලනයට පොලිසිය අහසට වෙඩි තබා ඇති බවත්, එසේ පහරකෑමට ලක් වූ පොලිස් නිලධාරියා බේරා ගැනීමට පොලිසියට අහසට වෙඩි තැබීමට සිදු කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved