කෝට්ටේ – තලවතුගොඩ මාර්ගයේ ඉදිකර ඇති කිඹුලාවල STREET FOOD අලෙවිසැල් දින 14ක් තුළ ගලවා ඉවත් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කඩහිමියන්ට දැනුම් දී තිබේ.
එම කඩ හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බාධාවක් වීම හා මේ හේතුවෙන් රිය අනතුරු සිදුවන බවට පැමිණිලි දිනපතා ලැබෙන බැවින් මෙම තීරණය ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දෙයි
තවද ඇතැම් කඩහිමියන් විසින් අනවසරයෙන් තට්ටු දෙකේ කඩ සාදා ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙකු පවසයි.
මීට පෙරද, මෙම කඩ ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් තීරණය කළ ද පසුව කඩහිමියන් අතර ඇති කරගත් එකඟතාවය මත අලෙවිසැල් පවත්වාගෙන යෑමට ඉඩ ලබාදුනි.
කෙසේ වෙතත්, යම් ආයතනයකින් සිදුකරන නියාමනයකට යටත්ව අලෙවිසැල් පවත්වාගෙන යෑමට තමන් කැමති බව කඩහිමියන් සඳහන් කර සිටී.
සබැදි පුවත් :
කිඹුලාවල Street Foods වෙළඳසැල් වලට බැටේ දුන්නේ බන්දුල?
Street Foods වෙළඳසැල් ඉවත් කිරීම තාවකාලිකව ඇනහිටියි!