කිලිනොච්චිය නගරයේදී, මාධ්‍යවේදී තමිල් සෙල්වම් මහතාට ඊයේ (26) මැර ප්‍රහාරයක් එල්ලවී තිබේ.
කිලිනොච්චියේ ටෙලිකොම් කාර්යාලය ඉදිරිපිටදි කලු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් මුලින් ඒ මහතා පැහැර ගැනීමට උත්සාහ කර එය ව්‍යර්ථ වූ පසුව මෙම පහරදීම සිදුකර ඇතැයි පැවසේ.
සිද්ධියෙන් තුවාල ලැබූ ඒ මහතා මේ වනවිට කිලිනොච්චිය රෝහලේ වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.
ඒ මහතා වීරකේසරී, තිනකරන් සහ උදයන් පුවත්පත් වල මාධ්‍යවේදියෙකු ලෙස ද වෙබ් මාධ්‍ය කරුවකු ලෙස ද කටයුතු කරනු ලබන ඒ මහතා ප්‍රකට සාහිත්‍යකරුවෙකුද වෙයි.
තමිල් සෙල්වම් කිලිනොච්චිය මාධ්‍ය සංගමයේද ප්‍රධානියෙකි.
ඒ මහතා දිගින් දිගටම පසුගිය කාලයේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය ඡාවාරම් සම්බන්ධයෙන් වාර්තා කිරීම මේ ප්‍රහාරයට හේතුවීද යන්න පිළිබඳව මේවන විට සැකයක් ඇතිව ඇතැයි ද මේ අතර වාර්තා වේ.