පුවත්

කෙහෙළියගේ දියණියට ඇප

Published

on

රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියක වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද (20) බන්ධනාගාර භාරයෙන් මුදාහරිනු ලැබීය.

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනෙකු හා හා බෑනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව එක් එක් සැකකරු රුපියල් 50, 000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදාහැරීමට අධිකරණය නියම කළේය.

කෙසේ වෙතත් එහිදී චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ලට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඇයව අද දිනය දක්වා බන්ධනාගාර භාරයේ සිටියාය.

Trending

Exit mobile version