පුවත්

කෙහෙළියට එරෙහි පයිප්ප බට නඩුව යළි විභාගයට

Published

on

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් නව ලක්ෂ අසූ දහසකට අධික මුදලක් වැයකර ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද (26) යළි විභාගයට ගත්තේය.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්විණි.

ඉන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජනවාරි මස 27 දා දක්වා කල්තැබීමටද අධිකරණය නියෝග කලේය.

Trending

Exit mobile version