කොටහේන ප්‍රදේශයේ දැරියක සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව සාක්ෂි සටහන් කරගැනීම අද (15) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වුණි.
කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතා ඉදිරියේ මෙම සාක්ෂි සටහන් කරගැනීම සිදුව තිබේ.
මෙහිදී කොටහේන පොලීසියේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගෙන තිබේ.
ඒ අනුව මුලින්ම මියගිය දැරිය පදිංචිව සිටි මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයාගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුවු බව සඳහන්ය.
ඉන් අනතුරුව මිය ගිය දැරියගේ මවගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදු කර ඇත.
ඉන් වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම ලබන 22 වනදා දක්වා කල් තැබු වැඩබලන මහෙස්ත්‍රාත්වරයා එදින දැරියගේ මවගෙන් වැඩිදුරටත් සාක්ෂි සටහන් කරගැනීමට නියමිතය.