කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොවිඩ් ආසාදිත මරණයක් සිදු වී ඇත.
එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීයෙකු මිය ගොස් ඇති අතර මරණය සම්බන්ධයෙන් මතු වූ සැකයක් හේතුවෙන් පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර තිබේ.
එහි දී අනාවරණය වී ඇත්තේ, මියගිය පුද්ගලයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි.
මේ හේතුවෙන් එම රෝගියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ සෙසු රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වන අතර සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ, කොවිඩ් වසංගත තත්ත්වය නොසලකා හැර තිබෙන අවස්ථාවක මෙය නැවත අවධානයට ලක් විය යුතු බවයි.