පුවත්

කොළඹ අවදානම් ගස් සොයන යන්ත්‍රය ක්‍රියාකරන්න දන්න කෙනෙක් නෑ

Published

on

අවදානම් ගස් හඳුනාගැනීම සඳහා කොළඹ නගර සභාව සතුව යන්ත්‍රයක් පැවතියද එය භාවිත කිරීමට පුද්ගලයෙකු නොමැති  නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය කියයි.

ඊයේ (07) පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ ගස් සහ අතු කඩා වැටීමේ සිද්ධීන් 36ක් වර්තා වී ඇති බව ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

මේ අතර, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ  කොළඹ ආර්. ඒ. ද. මෙල් මාවතේ තවත් ගසක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පොලීසිය පැවසුවේ මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මතට ඊයේ (07) පස්වරුවේ එම ගස කඩා වැටීම හේතුවෙන් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවය.

පසුගිය ඔක්තොම්බර් මස 06 වනදා ද කොළඹ ආර්. ඒ. ද.මෙල් මාවතේදී බස්රථයක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

ඔක්තොම්බර් 30 වැනිදා එම මාර්ගයේ තවත් ගසක් කඩා වැටීමෙන් වාහන තුනකට හානි සිදුවුණි.

Trending

Exit mobile version