පුවත්

කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි

Published

on

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ – කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ – කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල තැපැල් දුම්රිය රාත්‍රී 8.30 ට පිටත් වීමට නියමිතය.

දැනට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා සීමා කර ඇති බවත් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Trending

Exit mobile version