පුවත්

කෝටි ගණන් අපතේ යවන ප්‍රවර්ධන වැඩසටහන්

Published

on

උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා වාර්තාමය විඩීයෝ වැඩසටහනක් නිෂ්පාදනය කිරිම ඇතුළු කාර්යන් කිහිපයකට පුද්ගලික සැපයුම් කරුවෙකුට 2016 වසරේදි පළාත් සභාවෙන් රුපියල් එක්කෝටි විසිඑක් ලක්ෂයකට අධික මුදලක් ගෙවා තිබුනද එම කාර්ය වසර ගනනාවක් ගතව ගියත් මෙතෙක් ඉටුවි නොමැති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළිදරව් කර තිබේ.

මෙම මුදල පුද්ගලික සැපයුම්කරුවාගෙන් ආපසු අයකර ගැනිමට උතුරු මැද පළාත් සභාව විසින් මෙතෙක් නිතීමය ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබු බවද  එම විගණන වාර්තාවේ සදහන්ය.

උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරිම උදෙසා තාක්ෂණික ප්‍රමිතියෙන් යුක්ත වාර්තාමය විඩීයෝ වැඩ සටහනක් සකස් කිරිම,ආකාර්ෂණිය පින්තුර සහිත ප්‍රමිතියෙන් යුක්ත පොතක් නිර්මාණය කිරිම සහ විධිමත් තොරතුරු සහිත වෙබ් අඩවියක් නිර්මාණය කිරිම වෙනුවෙන් උතුරු මැද ප්‍රධාන ලේකම්වරයා විසින් පුද්ගලික සැපයුම්කරුවෙකු සමග රැපියල් එක්කෝටි පනස් හත්ලක්ෂ අනුහත්දාස් පන්සීයක(රැ.15,797,500) මුදලකට 2016 මාර්තු 23 වැනි දින ගිවිසුම් ගතව තිබුණි.

මෙම ගිවිසුම ගත මුදලින් රුපියල් එක්කෝටි විසිඑක්ලක්ෂ හතළිස් හතර දහස් පන්සීයක මුදලක් 2016 දෙසැම්බර් මස 26 වැනි දින වැඩ නිම කිරිමට පෙර ගෙවා තිබු බව විගණන වාර්තාවේ සදහන් වේ.

Trending

Exit mobile version