Connect with us

පුවත්

කෝටි 7ක අධිබල යතුරු පැදි 8ක් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට!

Published

on

රුපියල් කෝටි හතකට අධික වටිනා අධිබලධාරිතාවයෙන් යුත් මිළ අධික මෙරටට ආනයනය තහනම්වූ යතුරු පැදි 8 ක් සමග ව්‍යාපාරිකයකු රත්තනපිටිය, විශ්වවිද්‍යාල පාර ප්‍රදේශයේදී බොරලැස්ගමුව පොලීසිය දූෂණමර්දන ඒකකය මගින් පෙරේදා 24 වැනිදා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

අත්අඩංගුවට පත් සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු (40) ක්ද වන ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයකුද වන බවත් පොලීසිය පවසයි.

මෙම වැටලීම බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට අනුයුක්ත ගල්කිස්ස කොට්ඨාශයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායමට ලද තොරතුරකට අනුව බොරලැස්ගමුව පොලිස් දූෂණ මර්දන ඒකකය නිලධාරීන් විසින් සිදු කරනු ලැබ ඇත.

ව්‍යාපාරිකයාගේ ගබඩා කාමර පරීක්ෂාවට ලක් කිරීමේදී ලියාපදිංචි කරතිබූ  බවට හැගවෙන ලියකියවිලි ඉදිරිපත්කල යතුරු පැදි 6 ක්ද , ව්‍යාපාරිකයාට ලියකියවිලි කිසිවක් ඉදිරිපත් කල නොහැකිවූ යතුරු පැදි 2 ක්ද පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇත.

ඒ අතර යමහා, හොන්ඩා,  සීබීආර්, බීඑම්ඩබ්ලිව්, කේපීඑම්, කවසාකි, අගුස්තා, ඩුකාටි යන වර්ගයේ එකක්  රුපියල් ලක්ෂ 80 කට අධික වටිනා අධි ධාරිතා යතුරු පැදි වන බවත් පොලීසිය කියයි.

ලියාපදිංචි කල යතුරු පැදිද  ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මෝටරථ ප්‍රවාහන කොමසාරිස්, කාර්යාලයේ ලියාපදිංචි කර ඇත්ද යන සැකය මත සියලු යතුරු පැදි  හා ලිපිලේඛණ ව්‍යාජ ඒවාද යන්න  පරීක්ෂාවට ලක් කිරීම සදහා  එම දෙපාර්තමේන්තුව නිලධාරීන් හා රසපරීක්ෂක අංශ නිලධාරීන්  වෙත ඉදිරිපත් කර  පරීක්ෂණ කටයුතු සිදු කිරීමටද නියමිත බවත් පොලීසිය කියයි.

පුවත්

පරාටේ නීතිය අත්හිටුවන පනත් කෙටුම්පත සම්මතයි

Published

on

By

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (07) සංශෝධන රහිතව සම්මත කෙරිණ.

මේ අනුව පරාටේ නීතිය ලබන  දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා මෙම පනත් කෙටුම් පතෙන් ප්‍රතිපාදන සැලසෙනු ඇත.

කාරක සභා අවස්ථාවේදී කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා විසින් ඉදිරිපත් කෙරුණු සංශෝධන සම්බන්ධයෙන් පැවති ඡන්ද එම සංශෝධන වැඩි ඡන්ද 30 කින්  පරාජයට පත්විය.

සංශෝධනවලට විරුද්ධව ඡන්ද හතළිස් නවයක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 19ක් පමණි. එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

Continue Reading

පුවත්

2007 නඩුවකට මර්වින් සිල්වාට ඇප

Published

on

By

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (07) නියෝග කළාය.

එම නඩුවේ තෙවැනි සැකකරු ලෙස නම්කර සිටින හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන ලාල් පීරිස් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළාය.

2007 වසරේදී මැර කණ්ඩායමක් සමග රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාට පහරදීම තර්ජනය කිරීම ඇතුළු චෝදනා යටතේ මර්වින් සිල්වා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව  මෙම නඩුව පවරා ඇත.

මර්වින් සිල්වා සැකකරුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කෙරිණි.

(ලංකාදීප)

Continue Reading

ක්‍රීඩා

T20 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා නිල අනුග්‍රාහකත්වය “Amul”ට

Published

on

By

ICC පිරිමි T20   ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය මේ වනවිට ඉන්දියානු සමාගමක් විසින් බාරගෙන තිබේ.

ඒ ජාත්‍යන්තර මට්ටමේ කිරි නිෂ්පාදන සමාගමක් වන Amul සමාගමයි.

ඒ අනුව මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස Amul සමාගම විසින් සිය අනුග්‍රාහකත්වය දක්වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පැවසූවේ,

“Amul ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇති හවුල්කාරිත්වය විශිෂ්ට පියවරක්, ජාත්‍යන්තර ක්‍රීඩා සන්නාමයක් සමඟ සම්බන්ධ වීම ස්ථිර වශයෙන්ම සමාගමට වෙළඳපල වර්ධනයක් ලබා ගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් අතර එහි සන්නාම දෘශ්‍යතාව තවදුරටත් ඉහළ නැංවීමට උපකාරී වනු ඇත,”
යනුවෙනි.

ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟ  2024 ජුනි 01 සිට 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved