Connect with us

පුවත්

“ගත්ත බාර් ලයිසන් නැවත දෙන්න”

Published

on

රජයෙන් මත්පැන් බලපත්‍ර (බාර් ලයිසන්) ගත්‍තේ යැයි කියන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට පක්ෂ නායකයන් වහාම එම බලපත්‍ර රජයට නැවත බාර දෙන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් එම මන්ත්‍රීවරුන් කිසිවකුත් මත්පැන් බලපත්‍ර මෙතෙක් රජයට යළි බාරදී නැතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ.

මේ අතර බදුල්ල රිදීමාලියද්ද මත්පැන් අලෙවිසල් හයක් විවෘත කිරීමට රජය බලපත්‍ර මෑතක දී ලබාදී ඇතැයි එම ප්‍රදේශයේ නායක හිමිවරු පිරිසක් චෝදනා කරති.

මින් එක් බලපත්‍රයක් විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ මැදිහත්වීමෙන් ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ බිරිඳගේ නමට ලබාගෙන ඇති බව දැනගන්නට ඇත.

ඒ සම්බන්ධයෙන් එම නායක හිමිවරු සහ සිවිල් සංවිධාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකවම හමුවී පැමිණිලි කර ඇත. මේ අනුව විපක්ෂ නායකවරයා එම මත්පැන් බලපත්‍රය වහාම රජයට නැවත බාරදෙන ලෙස එම මන්ත්‍රීවරයාට දැනුම්දී ඇතත් ඔහු ද ඊට ඇහුම්කන්දී නැතැයි වාර්තා වේ.

අලුතින් මත්පැන් අලෙවිසල් විවෘත කිරීම සම්බන්ධයෙන් බදුල්ල රිදීමාලියද්දේ ජනතාව රජයට ද දැඩි ලෙස විරෝධය පළකර ඇත. මේ අතර මැතිවරණ ප්‍රකාශයට පත්වී ඇති මේ වකවානුවේදී අලුතෙන් නිකුත් කෙරුණු සියලුම මත්පැන් බලපත්‍ර තම රජයක් යටතේ අහෝසි කරන බවත් එම බලපත්‍ර නිකුත් කළ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

(ලංකාදීප )

පුවත්

පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම ගැන ජනපති හා විපක්ෂනායක ශෝක පණිවුඩ එක්කරයි

Published

on

By

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය පළ කර තිබේ.

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් උන්වහන්සේගේ අභාවය පිළිබඳව තමාගේ හෘදයාංගම ශෝකය පළ කරන බවය.

සාමය, දයානුකම්පාව සහ මනුෂ්‍යත්වය සඳහා උන්වහන්සේගේ නොසැලෙන කැපවීම ලෝකය මත නොමැකෙන සලකුණක් තබා ඇති බව ද ජනාධිපතිවරයා තැබූ X සටහනේ වැඩිදුරටත් සඳහන් ය.

උන්වහන්සේගේ දයානුකම්පාව, යුක්තිය සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ උරුමය ඉදිරි පරම්පරාවන්ට ආදර්ශයක් ලබා දෙනු ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් පෙන්වා දී ඇත.

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සිය ශෝකය පළ කර තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ, පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම යහපත් ලොවක පැවැත්ම අපේක්ෂා කරනුන්ට බලවත් පාඩුවක් බවය.

විපක්ෂ නායකවරයාගේ සම්පූර්ණ ශෝක පණිවුඩය පහතින්

– උපුටා ගැනීම – 

“ක්‍රිස්තුස් වහන්සේ සිය අනුගාමිකයින්ට පෙන්වූයේ නපුර පිටු දකින්නටත් සියලු යහපත සඳහා ක්‍රියා කරන්නටත්ය. අති උතුම් ෆැන්සිස් පාප් වහන්සේ කිතු සමිඳුන් පෙන්වා දුන් මඟ මැනවින් හඳුනා ගනිමින් කතෝලික සභාවට ලබාදුන් නායකත්වය කතෝලික ප්‍රජාවට පමණක් නොව ලෝකවාසී සියලු ජනතාවට පරමාදර්ශයක් විය. උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීම යහපත් ලොවක පැවැත්ම අපේක්ෂා කරනුන්ට බලවත් පාඩුවකි. උන්වහන්සේගේ සරල ජීවිතය පෙන්නූ මඟ මැනවින් හඳුනා ගැනීම උන්වහන්සේට කළ හැකි සැබෑ ගෞරවයයි. සර්ගස්ථ වූ අති උතුම් ෆැන්සිස් පාප් වහන්සේට මොක්සුව ප්‍රාර්ථනා කරමු.”

– උපුටා ගැනීම අවසන් – 

Continue Reading

පුවත්

යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ලොරියක ගැටෙයි

Published

on

By

නිට්ටඹුව – කිරිඳිවැල මාර්ගයේ මනමාල වංගුව ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් සෙබළුන් 22 දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළු කර ඇත. 

තුවාල ලැබු අය අතර බස් රථයේ ගමන් ගත් රියදුරු සිටින බව පොලීසිය පවසයි.

ඔවුන්ගෙන් 20 දෙනෙකු ප්‍රථිකාර ලබාගෙන පිටව ගොස් ඇති අතර රියදුරු සහ යුධ හමුදා සෙබළෙකු තවදුරටත් රෝහලේ ප්‍රථිකාර ලබයි.

අද (21) උදෑසන එම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඡායාරූප – Accident 1st

Continue Reading

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved