පුවත්

ගම්බිම් බලා යන්න ලංගම බස් රථවල අඩුවක්

Published

on

මගී ප්‍රවාහනය සදහා එක්කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල අද දිනයේ අඩුවක් සිදුවිය හැකි බව එම මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් ප්‍රකාශ කලේය.

මැතිවරණ රාජකාරි වෙනුවෙන් බස් රථ 1,600 කට අධික සංඛ්‍යාවක් යෙදවීම ඊට හේතුව බව ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත්, ගම්බිම් බලා යෑමට යොදවා ඇති බස් රථ ප්‍රමාණවත් නොවන බවයි මගින් චෝදනා කලේය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන අධ්‍යක්ෂිකා ෂෙරීන් අතුකෝරළ කියා සිටියේ, අද දිනයේ මගී ඉල්ලුමට අනුව කාලසටහනින් බැහැරව අමතර බස් රථ ධාවනය සඳහා යොදවා ඇති බවය.

Trending

Exit mobile version