පුවත්

ග්‍රීක බැඳුම්කර නඩුවට කබ්රාල් යළි අධිකරණයට

Published

on

2011 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් මෙරට රජයට රුපියල් බිලියන18කට අධික පාඩුවක් සිදුකළ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (06) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධිචෝදනා පත්‍රය ගොනුකර තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව කරුණු දක්වා සිටියහ.

ඒ අනුව එය පවත්වාගෙන යාමට නොහැකි බවත් විත්තිකරුවන් නිදහස් කරන ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියාසිටියේ, මෙම මූලික විරෝධතා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසය.

ඒ අනුව, අදාළ විරෝධතා ජනවාරි මස 23 වනදා ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියෝග කලේය.

Trending

Exit mobile version