පුවත්

ගිනිඅවි භාරදීමට ලබා දී තිබු කාලය ගැන දැනුම්දිමක්

Published

on

ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස 21 වන දිනට ප්‍රථම භාරදෙන ලෙසය.

ගිනිඅවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් ඉදිරිපත්ව ඇති කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබා දී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දුන්නේය.

නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ගබඩාව වෙත එම ගිනිඅවි ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දිමක් සිදු කලේය.

කෙසේවෙතත් මේ වන විට විශාල පිරිසක් ගිනිඅවි යළි භාරදීමට පියවර ගෙන තිබේ.

මේ දක්වා ගිනිඅවි ලබානොදුන් පිරිස් සඳහා එම ගිනිඅවි යළි ලබාදීමට මෙලෙස කාලය දිර්ඝ කිරිමක් සිදුකර ඇති බව වාර්තා වේ.

Trending

Exit mobile version