කූරියර් සේවාව මගින් මත්ද්‍රව්‍ය අලෙවි කළ යාපනය විශ්ව විද්‍යලයේ වෛද්‍ය පිඨයේ සිසුවෙකු කෝපායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
යාපනය විශ්ව විද්‍යලයේ වෛද්‍ය පිඨයේ 03 වැනි වසරේ ඉගෙනුම ලබන සියඹලාවැව, රූඹෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක සිසුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිසුවා සන්තකයේ තබාගෙන සිටි නීති විරෝධී මත්පෙති 11ක් සහ මදනමෝදක ගුලි 45ක්ද සිය භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.