පුවත්

ගුවන් යානා වැසිකිළියෙන් හමුවූ සැකකටයුතු පාර්සලයෙන් දියර රන් මතුවෙයි!

Published

on

නීති විරෝධී ලෙස රටින් පිට කිරීමට උත්සාහ කළ දියර රත්‍රන් කිලෝග්‍රෑම් 2ක් කටුනායක ගුවන් තොටුපොළ රේගුව භාරයට ගෙන තිබේ.

ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වීමට තිබූ ගුවන් යානයකින් මෙම රත්‍රන් රැගෙන යාමට සැලැසුම් කර තිබුණු බව වාර්තා වේ.

ගුවන් තොටුපොළ වැසිකිළියක තිබූ සැකකටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී මෙම දියර රත්‍රන් හමුවී ඇත.

මේ සම්බන්ධයෙන් රේගුව විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

(ඡායා : sundaytimes.lk)

Trending

Exit mobile version