Connect with us

පුවත්

ඝාතන සැලැස්ම ගැන කලින් දැනගෙන හිටියා – ඉම්රාන් ඛාන්

Published

on

තමාව ඝාතනය කිරීමට සැලසුමක් ඇති බවට දැන සිටි බව පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (04) දින හෙළිදරව් කර තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටින Shaukat Khanum රෝහලේ දී සිය ආධාරකරුවන් අමතමිනි.

“වසිරාබාද් සහ ගුජරාත් අතර කොතැනකදී හෝ මාව මරා දැමීමේ සැලසුමක් ඇතැයි මා දැනගෙන සිටියා,”යැයි ඔහු පවසා තිබේ.

මේ අතර, මෙම ඝාතන උත්සහය පසුපස එරට අගමැති ෂෙබාස් ෂරීෆ්, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය – රානා සනාඋල්ලා සහ පාකිස්තාන හමුදාවේ මේජර්වරයකු සිටින බවට ඛාන් මහතා නගා ඇති චෝදනා “පදනම් විරහිත” බව පවසමින් එරට හමුදාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

තවද, ඛාන් මහතාගේ PTI පක්ෂයේ ලාහෝර් අංශයේ ලේකම් සුබායිර් නියාසි මහතා පවසා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ පැමිණිල්ලක් පොලිසිය විසින් භාරගෙන නැති බවයි.

මාධ්‍ය වැඩසටහනකදී අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ තමා FIR පැමිණිල්ලක් ගොනුකිරීමට වසිරාබාද් පොලිස් ස්ථානයට ගිය බවත්, එම පැමිණිල්ලේ ඡායාරූපයක් දිස්ත්‍රික් පොලිස් නිලධාරියා වෙත යැවූ නමුත් නිල වශයෙන් පැමිණිල්ලක් ගොනු නොකළ බවත්ය.

මේ වන විට ප්‍රහාරය පිළිබඳ විමර්ශනය පාකිස්තානයේ ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තුව විසින් භාරගෙන ඇති අතර, සිද්ධියේ ප්‍රධාන සැකකරුව ප්‍රශ්ණ කරමින් සිටියි.

බ්‍රහස්පතින්දා දිනයේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, තවත් 13 දෙනෙකු තුවාල තිබේ.

තවද, ඛාන් මහතා සුවය ලබන තෙක් ‘Haqeeqi Azadi March’ නතර කිරීමට තීරණය කර තිබේ.

(මූලාශ්‍රය : Geo News)

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved