නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ අපල දුරු වේවා යයි පතමින් තොරණක් සඳහා ආධාර පුද දීමේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පවතී.
වෙසක් පොහොය වෙනුවෙන් දෙමටගොඩ ප‍්‍රදේශයේ ඉදි කර ඇති වෙසක් තොරණකදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අපල දුරුවන ලෙස මෙලෙස තොරණ් කවි කීමක් සිදුව තිබේ.
වෙසක් තොරණ නැරඹීමට පැමිණි අයෙක් විසින් මෙම ආධාරය පිරිනමා ඇත්තේ ඔහුගේ සමාජ ජාලා ක්‍රියාකරුවෙකු යැයි සඳහන් කරමිනි.
ඒ අනුව එම ආධාරය පිළිගෙන තොරණේ කවියන් විසින් චතුරංග අබේසිංහ මහතාට අපල දුරුවන්නැයි ආශිර්වාද කවි කිහිපයක්ද ගායනා කරනු ලැබීය.
https://sinhala.srilankamirror.com/wp-content/uploads/2025/05/AQMX334KC1Ebaz8pcyO0UlKRwEs4bkvv_m73Os-VTyWTwJaLMpmDBqYLksDeT69yW2g8qRMBCPB62tiBk22pS83-.mp4