Connect with us

පුවත්

‘චැනල් අයි’ නාලිකාව විනිවිදභාවයකින් තොරව බදු දීලා – සජිත් 

Published

on

රටේ පවතින මූල්‍ය ගැටලු හමුවේ රාජ්‍ය රූපවාහිනී නාලිකා විකුණා දැමීමට රජය කටයුතු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

ප්‍රෞඩ ඉතිහාසයකට හා අභිමානවත් දේශයකට හිමිකම් කියූ අප රටේ ඇති ජාතික සම්පත් බහුතරයක් වත්මන් රජය විසින් විකුණා දැමීමට සූදානම් බවත්, එහි එක් පියවරක් ලෙස රූපවාහිනී සංස්ථාවට අයත් ‘චැනල් අයි’ නාලිකාව විකුණා දැමීමට සූදානම් බවත්, මේ වන විට එය කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් හා විනිවිදභාවයකින් තොරව පෞද්ගලික අංශයට බදු දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඔහු එබව කියා සිටියේ, අම්පාර ප්‍රදේශයේ  ඊයේ (14) පැවති උත්සවයකදීය.

රජයට මූල්‍ය ගැටලු තිබුණත් නව ආයෝජකයන් රාජ්‍ය මාධ්‍යයකට සම්බන්ධ කර ගැනීමට නිසි ක්‍රමවේදයක් තිබිය යුතු බවත්, එම ක්‍රමවේදයෙන් බැහැරව රජයට හිතෙන හිතෙන ආකාරයට රාජ්‍ය සම්පත් විකුණා දමන සූදුවක් මේ වන විට ක්‍රියාත්මක වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා, මේ යන ආකාරයට අවසානයේ රජයේ පාසල් හා රෝහල් වුවද පෞද්ගලීකරණය කිරිමට ද මේ රජය කටයුතු කරනු ඇති බව පැවසීය.

රටේ වටිනා සම්පත් විකුණා දැමීමේ මේ සුදුවට එරෙහිව නැගී සිටිය යුතු බවත්, මේ සියලු දේවල් ජනතාවගේ සහ රටේ සම්පත් බවත් එම සම්පත් සමඟ වැඩ කිරීමේ දී විනිවිදභාවය හා ප්‍රසම්පාදන ක්‍රමයක් තිබිය යුතු බවත් මෙවැනි අනිතික වෙන්දේසි නැවත රජයට පවරා ගන්නා බවත් අධ්‍යාපනය හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රය පුද්ගලීකරණය කිරිමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

පුවත්

ජාතික විගණනය බාල බෙහෙත් සිද්ධියේ වැරදිකරු පෙන්වයි

Published

on

By

ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරියා සහ ඒවා අනුමත කර ඇති පාලක මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවට ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

සෞඛ්‍යයට අහිතකර ඖෂධ සැපයූ සැපයුම්කරුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද නිර්දේශ කර තිබේ.

තත්වයෙන් අසමත් ඖෂධ සැපයූ සමාගම් අසාදු ලේඛන ගත කිරීමටද මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත.

පිළිගත් විධිමත් ක්‍රමවේදයන්ට පටහැනිව ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතික නිකුත් කිරීමේදී ඇතිවිය හැකි අක්‍රමිකතා වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටද නිර්දේශ කර ඇත. රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධ වල ගුණාත්මක තත්ත්වය තහවුරු කිරීමට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කළ යුතු බවටද නිර්දේශ කර ඇත.

(ලංකාදීප )

Continue Reading

පුවත්

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 6 දෙනෙක් අත්අඩංගුවට

Published

on

By

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 6 දෙනෙකු  ඊයේ (17) දින පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයේදි සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියෙන් පැමිණි තරුණයන් සයදෙනා එම දුම්රියෙන්ම ගමන් කරමින් සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින හැටන් ප්‍රදේශයේ පදිංචි සිසුවියකට  අවස්තා කිහිපයකදි හිරිහැර කර ඇති බවත්, එම හිරිහැර ඉවසා ගැනිමට නොහැකිව සිසුවිය විසින් දෙමව්පියන්ට දුරකථනයෙන් ඒ පිලිබදව කල දැනුම් දිමක් මත ඇයගේ දෙමව්පියන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල මත හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකකාර තරුණයන් හයදෙනා හැටන් දුම්රිය ස්ථානයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය ප්‍රකාශ කලේ,අත්අඩංගුවට ගත් තරුණයන් සයදෙනා කොළඹ අවට පදිංචිකරුවන් බවත්, සැකකරුවන් අවු 20-30 වයස් කාණ්ඩ වල පසුවන අය බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (18)  හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Continue Reading

පුවත්

වෙල්ලමුල්ලිවයික්කල් සැමරුම අතරතුර පුද්ගලයෙක් අත්අඩංගුවට

Published

on

By

යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවීයාම නිමිත්තෙන් ඉන් මිය ගිය දමිළ ජනතාව සිහි කරන වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අද උදෑසන (18) වැල්ලවත්ත වෙරළ තීරයේදී පැවැත්විණි.

එහිදී එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් මෙම සැමරුමට විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ විරෝධය පළ කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved