Connect with us

පුවත්

“චීනයේ BRI වැඩසටහනට රටවල් 149ක් උනන්දුයි”

Published

on

චීනයේ “එක් තීරයක් එක් මාවතක්” වැඩසටහනට (BRI) සහභාගී වීමට රටවල් 149 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 32 ක් උනන්දු වී ඇති බව එරට විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය – මා ජාඕෂු (Ma Zhaoxu) මහතා කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය හා සමගාමීව ක්‍රියාත්මක වන එහි මාධ්‍ය මධ්‍යස්ථානයේ අද (19) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඉකුත් දශකය තුළ චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනගා ගත් රටවල් සංඛ්‍යාව 172 සිට 181 දක්වා වර්ධනය වී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

විස්තීර්ණ, බහු මට්ටමේ සහ බහුවිධ න්‍යාය පත්‍රයක් ස්ථාපිත කරමින් චීනය පසුගිය දශකය තුළ සිය රාජ්‍යතාන්ත්‍රික සේවය දියුණු කිරීමට උත්සාහයන් වේගවත් කර ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

චීනය සිය ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා, බාහිර සීමා කිරීම්, මර්ධනය සහ අනවශ්‍ය ඇඟිලි ගැසීම් දැඩි ලෙස ආරක්ෂා කර ඇතැයි ද ඔහු කීය.

එක් චීනයක් මූලධර්මය දැඩි ලෙස ආරක්ෂා කිරීමටත්, චීනයට එරෙහිව පහර ගැසීම සහ මඩ ගැසීම යන චීන විරෝධී පියවරයන් ඊට සමගාමීව, අඛණ්ඩව ව්‍යර්ථ කර ඇති බවත් ඔහු පැවසීය.

චීනය පසුගිය දශකය තුළ පෙර නොවූ විරූ පළලකින්, ගැඹුරකින් සහ තීව්‍රතාවයකින් ගෝලීය පාලනයේ නියැලී ඇති බවත් මා මහතා පැවසීය.

කැළුම් ශිවන්ත චීනයේ බෙයිජිං හි සිට

පුවත්

විජයදාස ළග සමාව ඉල්ලපු චමුදිත

Published

on

By

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කොන්දේසි විරහිතව අද (04) දින සමාව ඉල්ලා සිටියේය.

චමුදිත සමරවීක්‍රම මහතා විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක අපහාසාත්මක කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්දයෙව් විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද ලද අයදුම්පතකට මෙම සමාව ඉල්ලා සිටියේය.

ඉදිරියේදීත් නිසි තොරතුරු ගවේෂණයකින් තොරව පුද්ගලයන් සම්බන්ධයෙන් අපහාසාත්මක හෝ නොසැලකිලමත්ව කරුණු ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙසද අධිකරණය ඔහුට අවවාද කරන ලදී.

Continue Reading

පුවත්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්

Published

on

By

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක්  සිදු කර තිබේ.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධීපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) භාර දෙන ලදී.

මෙම පරිත්‍යාගය, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබා දෙන පරිත්‍යාගවලට අමතරව ලබා දුන් පරිත්‍යාගයක් වීම විශේෂත්වයකි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දාස් මහතා ඉකුත් ජුනි 29 සිට ජූලි 02 දක්වා කොළඹ සිටි ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) ප්‍රධාන විධායක නිලධාරීන්ගේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය.

Continue Reading

පුවත්

හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ් (UPDATE)

Published

on

By


හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔහු අද (04) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඔහු එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටය.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව ඔහු අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.

එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාව අත්අඩංගුවට ගත් අතර එහිදී ඔහු කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.


(පෙර පුවත 2025 ජුලි 04 ප.ව.4.33 )

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අධිකරණයට

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඔහු කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කළ බව සඳහන් වේ.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍යවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණි.


(පෙර පුවත 2025 ජුලි 04 පෙ.ව.10.41 )

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved