Connect with us

Videos

චීන ආයෝජකයන්ට කතානයකගෙන් ආරාධනයක්! 

Published

on

ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන මෙන් කථානායක – මහින්ද යාපා අබේවර්ධන මහතා, චීන ආයෝජකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු මේ ඉල්ලීම කර තිබුණේ, චීනයේ කුන්මින් නගරයේ පැවැත්වෙන චීන – දකුණු ආසියා ප්‍රදර්ශනයට එක්වීමට පසුගියදා චීනයට ගොස් සිටි අවස්ථාවේදී එරට CGTN රූපවාහිනි නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

“පහුගිය පාර අපෙන් සහභාගී වුනේ 80ක් විතර… මේ පාර 126ක් හිටියා… මැණික් හා ස්වර්ණාභරණ කියන්නෙ අපේ රටේ ජනප්‍රියතම හා සාර්ථකම ව්‍යාපාරයක්. දැන් එයාලට අවශ්‍යයි වැඩි ආකර්ශනයක් තියෙන චීන වෙළඳපොලට එන්න.  අනිත් එක තමයි ඇඟළුම් කර්මාන්තය… මේ ප්‍රදර්ශනයත් එක්ක මං චීන ආයෝජකයන්ට ආරාධනය කර  සිටින්නේ විශේෂයෙන් තේ, ඇඟළුම්, මැණික් හා ස්වර්ණාභරණ යන ක්ෂේත්‍ර තුළ ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න කියලා…”

“අපේ රටේ දියුණු කරන තවත් දෙයක් තමයි සංචාරක කර්මාන්තය.  චීනයේ සංචාරකයන්ගෙන් 10%ක් ලංකාවට ගෙන්නගන්න පුලුවන් වුනත් ඒක අපේ සංචාරක ක්ෂේත්‍රයේ පැවැත්මට ඕනවාටත් වඩා ඇති. චීන සංචාරකයන්, ලංකාවේ රජයත් ජනතාවත් විසින් ඉහළින්ම පිළිගැනෙනවා.”

කථානායකවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ චීනයේ එක් තීරයක් එක් මාවතක් හෙවත් BRI වැඩපිළිවෙළ ඔස්සේ දෙරට අතර තවදුරටත් සහයෝගීතාව වර්ධනය වන බවයි.

“BRI වැඩපිළිවෙළ ලංකාවට අලුත් දෙයක් නෙමෙයි.  අවුරුදු දහස් ගණනකට කලින් චීන ව්‍යාපාරිකයන් අපේ රටේ ව්‍යාපාර කරලා තියෙනවා.  BRI වැඩපිළිවෙළත් එක්ක ඇති තරම් අවස්ථා උදා වෙලා තියෙනවා… කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාව පිළිගත්ත චීන ආයෝජනයක්…  ආයෝජකයන්ට ආරක්ෂාවක් දෙන්න අපි පාර්ලිමේන්තුවේදී නීති සම්පාදනය කර තිබෙනවා… එය ආයෝජනයන්ට හිතකාමී, වාසිදායක හා ඔවුන්ගේ ආයෝජන වලට අත නොතබන විශේෂ නීතියක්.”

පසුගිය කාලයේදී චීනය විසින් අක්ෂි රෝගීන්ට ලබාදුන් වෛද්‍ය ආධාර ලබාදීම පිළිබඳවද අබේවර්ධන මහතා සිය ප්‍රශංසාව පළ කර තිබේ.

“ඇසේ සුද ඉවත් කළ එම සැත්කම් ඉතා සාර්ථක වුනා.. ඊට ලොකු ඉල්ලුමකුත් තිබුණා. ඊට අමතරව චීනය අපිට පොළොන්නරුවේ මිත්‍ර රෝහලකුත් ලබාදී තියෙනවා. ඒ වකුගඩු රෝගීන් වෙනුවෙන්. ඒක විස්මිත ආයෝජනයක් හා පරිත්‍යාගයක්… එය අපි ඉතා ඉහළින් අගයනවා…

(CCTV+)

Videos

ලංකාවේ ආර්ථික සංවර්ධනයට ලබා දිය හැකි උපරිම සහාය දෙනවා – චීන අගමැති (වීඩියෝ)

Published

on

By

ශ්‍රී ලාංකේය ජනතාවට “පොහොසත් රටක් –  ලස්සන ජීවිතයක් ” ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට  චීනයේ සහාය ලබා දෙන බව චීන අග්‍රාමාත්‍ය  ලී ච්‍යං මහතා  ප්‍රකාශ කළේය.

චීන අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං අගනුවර දී අද (16) පස්වරුවේ හමු වූ අවස්ථාවේදීය.

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා විසින්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉතා මිත්‍රශීලිව පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා චීනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දෙන බවද චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා මෙහිදී අවධාරණය කළේය.

දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල චීන අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, චීනය සහ ශ්‍රී ලංකාව අතර මිතුදම ෆාහියන් භික්ෂුවගේ සමයට පෙර සිටම  පවතින බවය.

දුප්පත්කම තුරන් කිරීම සහ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට නතු කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙලට  සහාය දක්වන ලෙස ද ජනාධිපතිවරයා චීන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

මේ වන විටත් චීන රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දී තිබෙන සහාය සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ පිළිබඳ චීන රජයට සහ ජනතාවට ස්තුතිය පළ කළේය.

දෙරටේ දිගු කාලීන මිත්‍රත්වය වර්ධනය කිරීම, ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

සංස්කෘතික හුවමාරුව, වෙළෙඳ හා දේශපාලන සහයෝගීතාව පිළිබඳව ද මෙම හමුවේදී විශේෂ අවධානයට ලක් විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං,, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරු ඇතුළු චීනයේ රාජතාන්ත්‍රිකයින්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

(වීඩියෝ : CCTV)

Continue Reading

Videos

චීන මහජන විරුවන්ට ජනපති අනුරගෙන් පුෂ්පෝපහාර (වීඩියෝ)

Published

on

By

මේ වන විට චීනයේ සිව්දින සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) දිනයේදී ටියැන්අන්මන් චතුරස්‍රයේ පිහිටි මහජන විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූයේය.

(වීඩියෝ : CCTV +)

Continue Reading

Videos

හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකරන්න චීනය හා ගිවිසුමක් (වීඩියෝ)

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින්  හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු විය.

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇත. එසේම ඉතා ඉක්මණින් මෙහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමි වේ.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර යන මහත්වරුද ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved