Connect with us

පුවත්

චීන – ලංකා අවබෝධතා ගිවිසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යයි

Published

on

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං (Qi Zhenhong) මහතා ඊයේ (02) කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී තිබේ.

2024 මාර්තු මාසයේදී අග්‍රාමාත්‍යවරයාගේ චීන නිල සංචාරය අතරතුර දී දෙරට අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණි.

අවබෝධතා ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිත්‍රත්වයේ සහ ආර්ථික සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරනු ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

දෙරටෙහි අගමැතිවරුන් ඉදිරියේදී, ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ගිවිසුම්වලට අත්සන් තැබූ අතර චීනය වෙනුවෙන් අමාත්‍යාංශ නවයක ලේකම්වරු අත්සන් තබා තිබුණි.

ඊයේ හමුවේදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අවබෝධතා ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අමතර ව, ආර්ථික ගැටළු සඳහා දිගුකාලීන විසඳුම් වශයෙන් චීනයෙන් සෘජු පෞද්ගලික ආයෝජන මෙන් ම කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන සහ ජල සම්පාදන ක්ෂේත්‍රවල ආයෝජන සඳහා ද ශ්‍රී ලංකාව චීනයට ඇරයුම් කරන බව යි.

දුෂ්කරතා මඟහරවා ගැනීමට ශ්‍රී ලංකාව දක්වන ශක්තිය පිළිබඳ සතුටු වන බව තානාපති චී ජන්හොං මහතා මෙහිදී පැවසූ අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රයත්නයන් සපුරාලීම සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට සහතික විය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා සහ චීන ආර්ථික උපදේශකවරයා ද මෙම හමුවට එක් ව සිටියහ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved